මේක ගොඩක්ම ප්රසිද්ද T.V. ශෝව් එකක් මේක ගොඩක් පට්ට.හිරු චැනල් එකෙත් දැන් යනවා අපේ කාලේ රොබින් හුඩ් කියල.මේකේ දැනට සීසන් 3ක් රිලීස් වෙලා තියෙනවා.සීසන් 4 එක 2015 ඔක්තෝම්බර් 7 වෙනිදා රිලීස් වෙනවා.CW ආයතනය මගින් තම මේක කරගෙන යන්නේ.මේකේ කතාව කෙටියෙන් කිව්වොත් මෙන්නේ මෙහෙමයි.
ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි. ඊට අවුරුදු 5කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ, මෙයා මොනවද කලේ කියලා.
ඔලිවර් ගෙදර එන්නේ නිකන් නෙවෙයි. හිතේ ප්ලෑන් එකකුත් තියාගෙන. ඒ තමයි එයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක. එයාලගේ නගරය දූෂණය කරපු අයගෙන් නගරය බේරගන්නයි මෙයා ප්ලැන් කරන්නේ. ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා.
ඉතින් අපේ කතාවේ වීරයා ඔලිවර් තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන්නේ කොහොමද, එයාට කවුරුද උදව් කරන්නේ, ඇත්තටම එයාට අර දූපතේදි මොකක්ද වුනේ කියලා දැනගන්න මේ කතාව බලන්නකෝ… . .
(6.44 GB)
මෙම උපසිරැසිය බයිස්කෝප්lk විසින් ගත බවත් මෙයි අයිති කරු කවිඳු ගිම්හාන් සහදෝරය වේ.
EmoticonEmoticon